Description
කීර්තිමත් කවියෙකු ඝාතනය වී ඇත. මිනීමරුවා සොයාගැනීමට ඔබට හැකිද?
ලංකාවේ ප්‍රථම අන්තර්ක්‍රියාකාරී (Interactive) අබිරහස් ඝාතන ක්‍රීඩාව. සළලිහිණි අබිරහස යනු ඓතිහාසික ඉඟි, රහස් ලිපි සහ සැකකරුවන්ගේ කටඋත්තර වලින් පිරුණු අපරාධ විමර්ශන ලිපිගොනුවකි (Crime Dossier). ඔබේ තර්කන හැකියාව උරගා බලන්න, සහ ශ්‍රී ලාංකේය ඉතිහාසය පදනම් කරගත් මේ වසර 500ක් පැරණි අබිරහස විසඳන්න.
ලිපිගොනුව තුළ ඇත්තේ මොනවාද?
-
සැකකරුවන්ගේ කටඋත්තර: සිදුවීමට සම්බන්ධ ඓතිහාසික චරිතවල ප්‍රකාශ කියවන්න. සත්‍යය සඟවන්නේ කවුද?
-
පැරණි සිතියම් සහ රහස් ලිපි: රාජධානිය හරහා මිනීමරුවා ගමන් කළ මාර්ගය සොයාගන්න සහ සැඟවුණු අරමුණු හඳුනාගන්න.
-
මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි: සැබෑ ඝාතකයා කවුදැයි හෙළිදරව් කිරීම සඳහා සාක්ෂි සහ ඉඟි එකිනෙක ගලපන්න.

Reviews
Clear filtersThere are no reviews yet.